ශ්‍රී ලංකික ජන ජීවිතය

ශ්‍රී ලංකාව දළ වශයෙන් මිලියන 21.7 ක ජනගහනයක් වෙසෙන දකුණු ආසියාවේ දූපත් රටකි. ජනගහනය මූලික වශයෙන් නිරිත දෙසින්, නැගෙනහිර වෙරළ තීරයේ නාගරික මධ්‍යස්ථානවල සහ උතුරේ යාපනය අර්ධද්වීපයේ 750,000 ක් පමණ කොළඹ අගනුවර වාසය කරන අතර 115,000 ක් ව්‍යවස්ථාදායක අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ වාසය කරති.

 

ඉතිහාසය කෙටියෙන්

ශ්‍රී ලංකාව ඉතා දීර්ඝ වූත් ප්‍රෞඪ වූත්  ඉතිහාසයකට උරුමකම් කියයි. ක්‍රිස්තු  පූර්ව 6 වන සියවසේදී පමණ උතුරු ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය වූ පිරිස්වලින් ශ්‍රී ලංකාව ජනාවාස වූ බවට විශ්වාසයක් පවතී.

ශතවර්ෂ ගණනාවක් පුරා මෙම දූපත රාජධානි කිහිපයකට බෙදා පාලනය වූ අතර අනුරාධපුර සිට මහනුවර දක්වා රජවරු 180 ක් දෙනෙකු විසින් රට පාලනය කර ඇත.ඇතැම් වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසි, ලන්දේසි  සහ බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළ බව සඳහන් වේ.සියවසකට වැඩි කාලයක් බ්‍රිතාන්‍යයන් යටතේ යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව එවකට හැඳින්වූයේ සිලෝන් යන නමිනි. 1931 දී බ්‍රිතාන්‍යයන් විසින් මෙරට ශ්‍රී ලංකාව ලෙස හැඳින්වීම ආරම්භ වූ අතර 1948 පෙබරවාරි 4 වන දින සම්පූර්ණ ස්වාධීන රාජ්‍යයක් බවට පත්විය. 1978දී නව ව්‍යවස්ථාවක් හඳුන්වා දෙන ලදී.

අවාසනාවකට මෙන් 1971 දී පමණ ජාතිවාදී ගැටුම් වර්ධනය වූ අතර ස්වාධීන දෙමළ රාජ්‍යයක් බිහි කිරීම අරමුණු කරගත් ද්‍රවිඩ ඊලාම් විමුක්ති කොටි සංවිධානය විසින් රජයට එරෙහිව කැරලි ඇති කරන ලදී. 1983 දී පමණ රටේ සිවිල් යුධ තත්ත්වය උත්සන්න වූ අතර 2009 ශ්‍රී ලංකා හමුදාව කොටි සංවිධානය පරාජය කරන තෙක් යුද්ධය පැවතුණි. වසර විසි පහකට වැඩි කාලයක් තිස්සේ පැවැති යුද්ධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනයට, ආර්ථිකයට සහ පරිසරයට විශාල බලපෑම් එල්ල වී ඇත.

 

ජනවාර්ගික කණ්ඩායම් සහ භාෂාව

ශ්‍රී ලංකාව තුළ විවිධ භාෂා කතා කරන විවිධ ජන වර්ග ජීවත් වේ.සිංහල සහ දෙමළ , ශ්‍රී ලංකාවේ නිල භාෂා දෙක වේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉංග්‍රීසි භාෂාව සම්බන්ධක භාෂාව ලෙස හඳුන්වන අතර වාණිජ සහ වෙනත් සුවිශේෂී අවස්ථා සඳහා ඉංග්‍රීසි  භාෂාව භාවිත වනු දැකිය හැකිය.

මුළු ජනගහනයෙන් 74% වඩා වැඩි සංඛ්‍යාවක් සිංහල ජාතීන් නියෝජනය වන අතර සිංහල භාෂාවට දෙමළ භාෂාවේ විශාල බලපෑමක් එල්ල වී ඇති බව පෙනේ.ඊට අමතරව යුරෝපීය භාෂාවල ද යම් ආභාසයක් ලැබී ඇති අතර ඉංග්‍රීසි  භාෂාව ඉන් ප්‍රධාන වේ. සිංහල ජාතීන් ගෙන් බහුතරයක් බෞද්ධ දර්ශනය සිය ආගම ලෙස සලකති.

 දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම වන්නේ දෙමළ ජාතිකයින් ය.  එම පිරිස මුළු ජනගහනයෙන් 11% වන අතර ඔවුන් බහුතරයක් හින්දු ආගම අදහති.

අනෙකුත් ජනවාර්ගික කණ්ඩායම් අතර  ශ්‍රී ලාංකික ද්‍රවිඩ (9%), ඉන්දියානු ද්‍රවිඩ (4%) ඇතුළත්වන අතර ඉතිරි 2%  බර්ගර් , මැලේ සහ වෙනත් සුළු ජාතීන් වේ. තවද දිවයිනේ මුල් ආදිවාසි කණ්ඩායමක් ලෙස සැලකෙන වැදි ජනතාව ද  ඉතා සුළු ප්‍රතිශතයක් මෙහි වාසය කරති.

මුලාශ්‍ර
History and Facts about Sri Lanka. (2019). Retrieved from https://www.thoughtco.com/sri-lanka-facts-and-history-195087
Ministry of Finance and Planning Sri Lanka. (2011). Annual Report 2010. Retrieved from http://www.treasury.gov.lk/reports/annualreport/AnnualReport2010-eng.pdf
Planet, L. (2019). History of Sri Lanka – Lonely Planet Travel Information. Retrieved from https://www.lonelyplanet.com/sri-lanka/history
South Asia :: Sri Lanka — The World Factbook – Central Intelligence Agency. (2019). https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ce.html
The World Bank Sri Lanka Overview. (2019). https://www.worldbank.org/en/country/srilanka/overview