ශ්‍රී ලංකාවේ දීපවාලි උත්සවය
තම රටේ පොහොසත් විවිධත්වය විදහා දැක්වීම සඳහා විවිධ ආගම් නියෝජනය කළ ශ්‍රී ලංකා ප්‍රාථමික පාසලක ළමුන්ගේ කාර්ය සාධනය.
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික නර්තනයේ රංගනය
ශ්‍රී ලංකාවේ ආයුර්වේදය

විවිධත්වය සහ සංස්කෘතිය

විවිධ ජනවාර්ගික කණ්ඩායම් වලින් සැදුම්ලත් වීමත් ඉන්දියාව සහ අග්නිදිග ආසියානු රටවල් සමග සබදතා පැවැත්වීමත් ලන්දේසි ‍බ්‍රිතාන්‍යයන් යටතේ යටත්  විජිතයක්ව පැවතීමත් ඉන් ලද සංස්කෘතික පොහොසත්කමක්  ලෙස ශ්‍රී ලංකාව සුන්දර රටක් බවට පත්ව ඇත. පහත දැක්වෙන්නේ ශ්‍රී ලාංකේය සංස්කෘතිය ඉස්මතුවන අවස්ථා කිහිපයකි.

 

ආගම

ශ්‍රී ලංකාව බහු ආගමික රටක් වන අතර එහි වැසියන්ගෙන් බහුතරයක් බුදුදහම අදහති. ජනගහනයෙන් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් සිංහල ජනවාර්ගික කණ්ඩායමට අයත් බෞද්ධයෝ වෙති.

ශ්‍රී ලාංකිකයින් බහුතරයක් තම ආගම කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වති.2009 Gallup  සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව ඉහළ ආගමික නැඹුරුවක් සහිත රටක් ලෙස හඳුනාගෙන ඇත. එම සමීක්ෂණයට සම්බන්ධ වූවන්ගෙන් 99% කියාසිටින්නේ ආගම ඔවුන්ගේ දෛනික ජීවිතයේ වැදගත් අංගයක්  බවයි.

දිවයින පුරා බෞද්ධ විහාරස්ථාන පිහිටා ඇති අතර දෙමළ ජනතාව බහුතරයක් ජීවත්වන උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල හින්දු කෝවිල් දැක ගත හැකිය. කිතුනු ආගම අදහන ප්‍රතිශතය ඉතා සුළු වුවද දකුණු වෙරළ තීරයේ කිතුනු දේවස්ථාන බහුලව දැකිය හැකි ය.

ජනජීවිතයට ආගම ඉහළ බලපෑමක් සිදුකරන බැවින් බොහෝවිට කලාව, ගෘහ නිර්මාණ ශිල්පය, ආහාර, සාහිත්‍යය නර්තනය සහ ක්‍රීඩාව ඇතුළු සෑම ජීවන  අංගයක් සමගම ආගම බැඳී පවතී.

 

කලාව

ඉහත සඳහන් කළ පරිදි ශ්‍රී ලංකාවේ මූර්ති නැටුම්,  ගෘහ නිර්මාණ ශිල්පය සහ සාහිත්‍යය ට ආගමික විශ්වාසයන් බලපෑම් කර ඇති බව හඳුනාගත හැකිය.ශ්‍රී  ලංකාවේ පිහිටීම නිසා පුරාණ සේද මාවතේ අත්‍යවශ්‍ය වෙළඳ හවුල්කරුවෙකු බවට පත්වූ අතර එය සියලු කලා සහ සංස්කෘතික සම්ප්‍රදායන්  පොහොසත් කිරීමට උපකාරී විය.

 

ආහාර රටාව

ශ්‍රී ලංකාවේ ආහාර වර්ග කෙරෙහි ඓතිහාසික සහ සංස්කෘතික සාධක බෙහෙවින් බලපා ඇති බව පෙනේ.පුරාණ සේද මාවතේ පිහිටි රටක් ලෙස ඉන්දියාව ,ඉන්දුනීසියාව සහ නෙදර්ලන්තය වැනි රටවල් වලින් පැමිණි විදේශීය වෙළඳුන්ගේ සබදතා බලපෑම් එල්ල කර ඇත. ඒ කවර රටකින් ආභාසයක් ලැබුවද ආහාර රසගන්වන අමුදව්‍ය බොහොමයක් සොයාගත හැක්කේ ශ්‍රී ලංකාවෙන් පමණි. එලෙස ආහාර වලට එක් කරන ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ කුළුබඩු ය. කුළුබඩු නිෂ්පාදකයකු සහ වෙළෙන්දෙකු ලෙස ශ්‍රී ලංකාවට පොහොසත් ඉතිහාසයක් ඇති අතර ඒවා ආහාරවලට එකතු කිරීමෙන් එහි රසවත් බව වැඩි වීමට අමතරව ඒවා සෞඛ්‍ය සම්පන්න  ජීවිතයක් උදාකරදීමට දායක වේ.කුළුබඩු වලට අමතරව  සහල් සහ පොල් දේශීය ආහාර තුළ නිතර දැකිය හැකිය.

 

තේ

ලොව සිව්වනි විශාලතම  තේ නිෂ්පාදකයා වන්නේ ශ්‍රී ලංකාවයි. එබැවින් තේ  යනු සංස්කෘතියේ අනිවාර්ය අංගයකි. 1800  ගණන් වල අග භාගයේ දී ‍බ්‍රිතාන්‍යන් විසින් ප්‍රථම වරට තේ වගාව හඳුන්වා දුන් අතර එතැන් සිට ලොව විශාලතම තේ  නිෂ්පාදකයින්ගෙන් කෙනෙක් බවට පත්විය. බොහෝ නිවැසියන් ආගන්තුක සත්කාරයේදී තේ ලබාදීම සුලභ දසුනකි.

 

ආයුර්වේද වෛද් විද්යාව

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ආශ්‍රිතව  සංවර්ධනය වූ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව  සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රමයක් ලෙස හඳුනාගත හැකිය. විවිධ ආහාර වර්ග, ඖෂධ පැළෑටි, සම්බාහන ක්‍රම ,විශේෂ ශාරීරික ව්‍යායාම් මගින් ප්‍රතිකාර කිරීම මෙම ක්‍රමයේදී දැකිය හැකිය. ශ්‍රී ලංකාව තුළ ආයුර්වේද ප්‍රතිකාර මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ද නොමිලේ ලබාගත හැකිය. මෙරටට පැමිණෙන බොහෝ සංචාරකයින් ශ්‍රී ලාංකීය ආයුර්වේද සම්භාහන ප්‍රතිකාර ලබාගැනීමට වැඩි කැමැත්තක් දක්වති.

මුලාශ්‍ර:

Crabtree, S., & Pelham, B. (2009). What Alabamians and Iranians Have in Common. Retrieved 23 August 2019, from https://news.gallup.com/poll/114211/Alabamians-Iranians-Common.aspx
Culture of Sri Lanka. (2018). Retrieved 23 August 2019, from https://lanka.com/about/interests/culture/
Jayatilaka, T. (2012). Sri Lanka – an Overview. Retrieved 23 August 2019, from http://www.fulbrightsrilanka.com/?page_id=561
South Asia :: Sri Lanka — The World Factbook – Central Intelligence Agency. (2019). Retrieved 21 August 2019, from https://www.cia.gov/library/publications/the-world-factbook/geos/ce.html