CONTESSA පිළිබඳව

CONTESSA යනු Erasmus+ වැඩසටහන යටතේ අරමුදල් සපයන නව ව්‍යාපෘතියකි. එහිදී යුරෝපීය කොමිසමේ මැදිහත්වීම මත උසස් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය  සඳහා වැඩි අවධානයක් යොමු කරයි. ඔස්ට්‍රියාවේ Graz විශ්වවිද්‍යාලය ප්‍රමුඛත්වයෙන් ශ්‍රී ලංකාව හා කාම්බෝජයේ අධ්‍යාපන සංවර්ධනයට මෙම ව්‍යාපෘතිය දායකත්වය සපයයි.

මෙම ව්‍යාපෘතියේ ඉලක්කය වන්නේ උසස් අධ්‍යාපනයේ නිරත වන පාර්ශවයන් අතර සහයෝගය වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ශක්‍යතා වර්ධනය කිරීමයි.

ඔස්ට්‍රියාවේ Graz විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද පුළුල් අධ්‍යයනයකින් අනාවරණය වූ පරිදි දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් කාම්බෝජය හා ශ්‍රී  ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු අධ්‍යාපනඥයින් හා ගුරුවරුන්ගේ  පුද්ගල හා සමාජ දායකත්වය සංවර්ධනය කළ යුතු බව හඳුනාගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ ගුරුවරු හා අධ්‍යාපන ආයතන ජාත්‍යන්තර තත්ත්වයට ඉහළ දැමීම සඳහා ඔස්ට්‍රියාව, කාම්බෝජය, ජර්මනිය හා ශ්‍රී ලංකාවේ සහයෝගීතාව මත පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව ද අවධාරණය වී ඇත.

කාම්බෝජය පිළිබඳව

ශ්රී ලංකාව පිළිබඳව

කාම්බෝජය පිළිබඳව

ශ්රී ලංකාව පිළිබඳව