වර්තමාන අධ්‍යාපනය
1948 දී ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු සාක්ෂරතා අනුපාතය ක්‍රමයෙන් ඉහළ ගිය අතර වර්තමානයේ එය මුළු ජනගහනයෙන් 93% කි. ඉගැන්වීමේ මූලික භාෂාවක් ලෙස සිංහල සහ දෙමළ භාෂා හඳුනාගත හැකි අතර ජාත්‍යන්තර භාෂාව ලෙස ඉංග්‍රීසි උගන්වනු ලැබේ.
ශ්‍රී ලංකාවේ රජයේ පාසල් මෙන්ම රාජ්‍ය නොවන පාසල් ද ඇත. රජයේ පාසල් වර්ග තුනක් හඳුනා ගත හැකිය.
ජාතික පාසල්වලට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අරමුදල් සපයනු ලබන අතර ඒවායේ කටයුතු සඳහා ආදි ශිෂ්‍යයින්ගේ සහාය ද ලැබේ.
ශ්‍රී ලංකාවේ පාසල් වලින් බහුතරය පලාත් පාසල් වේ. ඒවාට පළාත් පාලන ආයතන මගින් අරමුදල් සපයනු ලබන අතර බොහෝවිට ඒවාට වෙනත් පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය වේ.
බෞද්ධ භික්ෂූන්ගේ අධ්‍යාපනය ඉලක්ක කරගත් පිරිවෙන් ක්‍රමයක් ද ශ්‍රී ලංකාව තුළ දැකිය හැකිය.
ඊට අමතරව රාජ්‍ය නොවන පාසල් අතර පෞද්ගලික පාසල්, ස්වාධීන හා අර්ධ රාජ්‍ය පාසල්, ජාත්‍යන්තර පාසල් සහ මද්රසා ඉස්ලාමීය අධ්‍යාපනය ලබාදෙන පාසල් හඳුනාගත හැකිය. පිරිමි හෝ ගැහැනු සිසුන් පමණක් සිටින පාසල් සුළු වශයෙන් දැකිය හැකි අතර බහුතරය මිශ්‍ර පාසල් වේ.
අධ්‍යාපන ව්‍යුහය කොටස් 5 කට බෙදා ඇත. ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීයික සහ ජෙයෙෂ්ඨ ද්වීතීයික, විශ්වවිද්‍යාල හා තෘතීක අධ්‍යාපනය යනුවෙනි. විධිමත් අධ්‍යාපනයේ වසර 11ක් අවසන් වූ විට සිසුන් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර වසර 13 අවසානයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටිති.
ප්‍රාථමික අධ්‍යාපනය
පෙර පාසල් අධ්‍යාපනයේ නියුතු සිසුන් ප්‍රාථමික පාසල් අධ්‍යාපනයට යොමුවන අතර පස් වන ශ්‍රේණිය දක්වා විෂයයන් හයකින් යුත් පොදු ජාතික විෂය මාලාවක් යටතේ ඉගෙනුම ලබති. ප්‍රාථමික පාසල්වලට සිසුන් ඇතුලත් වීමේ ප්‍රතිශතය 2009 දී 93% ක් වූ අතර එය 2015 දී 99% ක් දක්වා වර්ධනය විය. ප්‍රාථමික අධ්‍යාපනය නිම කරන අනුපාතය 95% ඉක්මවා ඇත. සිසුන් පදිංචිව සිටින ප්‍රදේශය මත පදනම්ව ඔවුන් ප්‍රාථමික පාසල් වෙත ඇතුළත් කරගනී.
ප්‍රාථමික පාසල් සිසුවකු සඳහා සතිපතා කාල සටහන දරුවාගේ ශ්‍රේණිය සහ වයස අනුව පැය 16 සිට 25 දක්වා වෙනස්විය හැකිය. පාසල්වල උගන්වන විෂය ක්ෂේත්‍ර කිහිපයක් පහත දැක්වේ.
පළමු ජාතික භාෂාව දෙමළ හෝ සිංහල
දෙවන ජාතික භාෂාව දෙමළ හෝ සිංහල
ඉංග්‍රීසි
පරිසරය
සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
ආගම
විෂය සමගාමී ක්‍රියාකාරකම් (සංස්කෘතික හා ආගමික උත්සව සෞන්දර්ය කටයුතු)
ප්‍රාථමික අධ්‍යාපනය අවසානයේ අධ්‍යාපන අමාත්‍යංශය විසින් පවත්වනු ලබන 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනීසිටීමේ අවස්ථාව සිසුන්ට හිමිවේ. එහි ප්‍රතිඵල මත පදනම්ව සිසුන්ට වඩාත් පහසුකම් සහිත ප්රමුඛ පෙළේ ජාතික පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථාව හිමිවේ.
කනිෂ්ඨ ද්විතීයීක අධ්‍යාපනය සහ වැඩිදුර අධ්‍යාපනය
6 වන ශ්‍රේණියෙන් කණිෂ්ඨ ද්විතීයීක අධ්‍යාපනය ආරම්භ කරන සිසුන් 9 වන ශ්‍රේණියෙන් පසු ජේෂ්ඨ ද්විතීයීක අධ්‍යාපනයට යොමුවන අතර ඉන්පසු උසස් අධ්‍යාපනයට යොමුවේ. වීශ්වවිද්‍යාල අධ්‍යාපනයට සුදුසුකම් ලැබීමේ විභාගය අතිශය තරගකාරී එකකි. අධ්‍යාපන අමාත්‍යාංශයේ 2013 වාර්තාවට අනුව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් සිසුන්ගෙන් 60% උසස් පෙළට යොමු වී ඇත. ඉතිරි පිරිස් වෙනත් වෘත්තීය අධ්‍යාපනයට හෝ ශ්‍රම වෙළඳපොලට යොමු වනු දැකිය හැකිය.
ග්‍රාමීය හා නාගරික පාසල්
ශ්‍රී ලංකාව පුරා විහිදී ඇති ග්‍රාමීය සහ නාගරික පාසල් අතර සම්පත් වල සහ පහසුකම්වල විෂමතා හඳුනාගත හැකිය. ශිෂ්‍යයෙකු ලබන අධ්‍යාපනයේ ගුණාත්මක බවට ඔහු ඉගෙන ගන්නා පාසල තුල ඇති පහසුකම් ඍජුව බලපානු ලැබේ.
මීට අමතරව නාගරික පාසල්වලට වඩා ග්‍රාමීය පාසල්වලට ලැබෙන අරමුදල්වල ප්‍රමාණාත්මක බවෙහි අඩුව හේතුවෙන් වෙනත් ගැටළුද මතු වී ඇත. ඒවා අතර ගුරුවරු පුහුණු කිරීම, විෂයමාලා සංවර්ධනය, ගොඩනැගිලි සහ වෙනත් උපකරණ යාවත්කාලීන කිරීමට ප්‍රමාණවත් ප්‍රතිපාදන නොමැති වීම ප්‍රධාන වේ. තවද එක් එක් ශිෂ්‍යයාගේ දරිද්‍රතා මට්ටම ද ප්‍රධාන බාධකයකි. සමහර සිසුන් මන්දපෝෂණ තත්ත්වයන්ගෙන් පෙළෙන අතර ඒ හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන සංවර්ධනයට බලපෑම් එල්ල වී ඇත. එලෙසම ඉගෙනුම් කටයුතු සඳහා අවශ්‍ය වන මූලික උපකරණ සහ සම්පත් ලබාගැනීමට මුදල් නොමැති වීමද ඔවුන් මුහුණ දෙන තවත් ගැටලුවකි.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව
ප්‍රාථමික අධ්‍යාපනයට ඇතුළත්වන ගැහැණු සහ පිරිමි ශිෂ්‍ය ප්‍රතිශතය සමාන මට්ටමක පවතී. ද්විතීයික අධ්‍යාපනයේදී පිරිමි ළමුන්ට වඩා වැඩි ප්‍රතිශතයක් ගැහැනු ලමුන් සිටින බව නිරීක්ෂණය වේ. අනෙකුත් දකුණු ආසියානු කලාපීය රටවල් සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකාව අධ්‍යාපන ක්රමයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් ඉතා ඉහළ මට්ටමක සිටී. අධ්‍යාපනයට ඇතුලත්වීමේ ප්‍රතිශත සමාන වුවද උසස් අධ්‍යාපනයේ නිරතවන ශිෂ්‍ය ප්‍රතිශත අතර විෂමතා පැවතීම වර්තමානයේ එල්ලවන විවේචනයකි.